ටෙස්ට් කඩුළු 600ක් දවාගත් ජෙම්ස් ඇන්ඩසර්න්

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී කඩුළු 07ක් දවා ගැනිමත් සමග ටෙස්ට් කඩුළු 600ක් දවාගැනීමට එංගලන්ත කණඩායමේ ජෙම්ස් ඇන්ඩසර්න් සමත්ව තිබේ.

 

ඔහු කඩුලු 600ක් දවා ගත් ලොව සිව්වන පන්දු යවන්නා ලෙස වාර්තා පොත් අතරට එක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුට ඉහළින් වැඩිම ටෙස්ට් කඩුලුලාභින්ගේ පළමු ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවේ මුත්තියා මුරලිදරන් හා ඕස්ට්‍රේලියාවේ  ෂේන් වෝන් සහ ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ සිටියි.

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජය තොරව අවසන් වු අතර 1-0 ලෙස එංගලන්තය තරගාවලිය ජයගැනීමට සමත්විය.

Exit mobile version