කෝලී හා අනුෂ්කා අතරට එන අමුත්තා

ඉන්දීයාවේ වගේම ලංකාවේ අපෙත් හිත් ඇදබැදගත් තාරකාවන් දෙදෙනෙක් තමයි අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි.

 

වෘත්තීයන් දෙකක් නියෝජනය කරන මේ දෙපළ විවාහා දිවියට පත්වුනේ 2017 වසරේ දෙසැම්බර් මාසයේ ඉතාලියේදී. විවාහ වූණේ සමීපතමයන්ට පමණක් ආරාධනා කරම්න්. විවාහා විමට ප්‍රථම දෙදෙනා අතර පැවති ආදර සම්බන්ධතාවය ගැන මාධ්‍ය තුලින් කාලයෙන් කාලයට විවිධාකර පුවත් රාශියක් නිර්මාණය වුණා.

මේ වෙනකොට ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් පලවන අලුත්ම පුවත තමයි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා සහ ඇයගේ සැමියා වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි තමන් දරුවෙකු අපේක්ෂාවෙන් ඉන්න බව ටිවිටර් ගිණුමේ පලකිරිම.

ඔවුන්ගේ නම් දෙක එකට එක් කර ‘Viruskha’ යන නමින් පවත්වාගෙන යන ට්විටර් ගිණුම ඔස්සේ මෙම පුවත හෙළි කර තිබූ අතර, එය අන්තර්ජාලය තුළ විශාල වශයෙන් හුවමාරු වී තිබුණා.

“එහෙනම් අපි තුන්දෙනෙක් වෙනවා! 2021 ජනවාරි පැමිණීමට නියමිතයි,” අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි යන දෙදෙනාම ඔවුන්ගේ ගිණුම්වල සදහන් කරලා තියෙනවා.

ඉන්දියාවේ තවත් ජනප්‍රිය නළු නිලියන් වන ආලියා බාත්, වරුන් ධවාන් සහ ප්‍රියංකා චොප්රා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔවුන්ට සිය සුබ පැතුම් එක් කරලා තිබෙනවා.

මේ නිකුත් කරලා කෙටි වේලාවකට පස්සේ විශාල රසිකයන් පිරිසක් මෙම පුවත සැමරීම පිණිස ට්විටර් ජාලයට පිවිස තිබෙන ආකාරය දක්නට ලැබුණා.

මෙම යුවළ සමාජ මාධ්‍යවල අතිශයින් ජනප්‍රිය අතර ඔවුන්ට මිලියන ගණනක රසිකයන් පිරිසක් සිටිති. දරුවා අපේක්ෂාවෙන් සිටින බව අනුෂ්කා ෂර්මා ඉන්ස්ටග්‍රෑම්හි පළ කළ සටහනට පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළ ‘ලයික්’ මිලියන 2.6 ක් ලැබීලා තියෙනවා.

අනුෂ්කා ෂර්මා බොලිවුඩයේ ඉතා සාර්ථක රංගන ශිල්පිනියකි. පී.කේ, සුල්තාන්, දිල් ධදක්නේ දෝ සහ ඒ දිල් හයි මුෂ්කිල් යන සිනමා කෘති තුළින් ඇය වඩාත් ජනප්‍රිය වූවාය. මෑතකදී විවේචනයට තුඩු දුන් ‘පාටාල් ලොක්’ අපරාධ කතා මාලාව නිෂ්පාදනය කළා.

මේ අතර විරාත් කෝලී ක්‍රිඩා කරන ක්‍රික්‍රට් තරග නැරඹිමටද අනුෂ්කා ෂර්මා පැම්ණෙන ආකාරයත් ඉන්දීය මාධ්‍ය විටින් විට වාර්තා කළා.

 

Exit mobile version