මේ දිනවල හිරු රශ්මියෙන් ඇස්වලට බලපෑම්

පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් ඇස්වලට බලපෑම් එල්ලවිය හැකි බව අක්ෂි රෝග විශේෂඥයින් සදහන් කරයි.

 

ඉන් ආරක්ෂා වීම සඳහා එළිමහනේ ගමන් කිරීමේදී අව් කන්නාඩි පැළඳීම ඉතාම වැදගත් වන බව ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය පැවසීය.

මේ දිනවල අක්ෂි රෝග ඉහළ යාමේ ප්‍රවණතාවක් නැතැයි ද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

Exit mobile version