මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 3012ක් දක්වා ඉහළට

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3012ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ ඊයේ(30) දිනයේ නව ආසාදිතයින් 17දෙනෙකු හඳුනාගැනිමත් සමගයි.

මෙම ආසාදිතයින්ගෙන් 12 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති අතර, තිදෙනෙක් මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඉන්දියාවේ සිට පැමිණි නාවිකයින් දෙදෙනෙක් ද ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් අතර වේ.

ඒ අනුව ආසාදිතයින් 140 දෙනෙකු මේ වන විට පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.

සමස්ත ආසාදිතයින්ගෙන් 2860 දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Exit mobile version