වලංගු වීසා බලපත්ර නොමැතිව මෙරට රැඳී සිටි විදේශිය ජාතිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ගල්කිස්ස ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නයිජිරියානු ජාතිකයින් තිදෙනෙකු සහ ඔවුන්ට මෙරට රැඳී සිටිමට ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු බව වාර්තා වේ.