සරුංගලයත් එක්කම අහසට ගිය සිඟිත්තිය

සරුංගල් උළෙලකට සහභාගී වෙමින් සිටි වයස අවුරුදු 3ක දැරියක් තමන් යවමින් සිටි සරුංගලය සමග අහසට නැගී ගිය පුවතක් තායිවානයෙන් වාර්තා වේ.

 

ඒ අනුව මෙම දැරිය අඩි 100 -150 අතර ඉහල අහසට ඇදී ගොස් තිබේ.

එකවිට ඇති වූ දැඩි සුළං තත්වය හේතුවෙන් මෙසේ මෙම දැරිය අහසට ගසා ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මේ අවස්ථාවේ දී එම දැරිය නැවත පොළවට වැටීමට මත්තෙන් එහි සිටි පුද්ගලයින් විසින් ඇයව අල්ලාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version