ලන්ඩන් වේදනා මර්දන කළමනාකරණ මධ්‍යස්ථානය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

ලන්ඩන් වේදනා මර්දන කළමනාකරණ මධ්‍යස්ථානය අද(02) දින අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.
කොළඹ 07, හෝටන් පෙදෙසේ, අංක 31 ස්ථානයේ, ස්ථාපිත එම මධ්‍යස්ථානය මගින් මෙතෙක් දියුණු රටවලට පමණක් විශේෂිත වූ නිධන් ගත වේදනා කළමනාකරණ ප්‍රතිකාර සිදු කෙරෙන අතර ඊට අදාළ නව වෙබ් අඩවිය අග්‍රාමාත්‍යවරයා විසින් අන්තර්ජාලයට මුදා හරිනු ලැබිය.
සිරි නන්ද මහා පිරිවෙණේ සහ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරයේ විහාරාධිපති මලේගොඩ නන්ද හිමි, ලන්ඩන් වේදනා කළමනාකරණ මධ්‍යස්ථානයේ (London Pain Management Center), නිධන් ගත වේදනා මර්ධන විශේෂඥ වෛද්‍ය නාමල් සේනසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Exit mobile version