අගමැති කතරගමට

ඊයේ (04) දින අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කතරගම ඓතිහාසික කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ගනු ලැබිය.

 

රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, කිරි වෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා ආශිර්වාද ලබා ගැනීමට ද අගමැතිවරයා කටයුතු කළ අතර අනතුරුව අගමැතිවරයා කතරගම දේවාල භූමියට පැමිණි අෂ්ඨඵල බෝධීන් වහන්සේ වන්දනාමාන කරන ලදි.

මෙම ආගමික වතාවත් සඳහා කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නාහිමියෝ ද සම්බන්ධ වූහ.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල රංගන, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

Exit mobile version