මෙරට කොරෝනා රෝගීන් ගණන 3,123ක් දක්වා ඉහළට

ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,123ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

ඊයේ (06) දින මෙරටට ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගැණුනු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පැවසීය.

මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 186ක් පුර්ණ වෛද්‍ය අධික්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන් ජාතික බොවන රෝග විද්‍යාතනය, වැලිකන්ද මුලික රෝහල, ඉරණවිල, මිනුවන්ගොඩ, නැගෙනහිර කොළඹ යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි.

තවද ආසාදනය වී සුවය ලැබු රෝගීන් ගණන මේ වන විට 2,925ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.

Exit mobile version