නැවේ ගින්න ගැන සොයාබැලීමට තවත් විශේෂඥ කණ්ඩායමක් දිවයිනට

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පිළිබද සොයාබැලීම සඳහා තවත් විශේෂඥයින් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබේ.

 

ඔවුන් ඊයේ(06) රාත්‍රී මත්තල ගුවන් තොටුපළින් දිවයිනට පැමිණි බව නාවික හමුදාව පැවසීය.

11 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම නාවික හමුදාව විසින් කල්මුණේ දක්වා රැගෙන ගොස් අනතුරුව නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදාගනිමින් අපදාවට පත් නෞකාව වෙත රැගෙන යාමට නියමිතව තිබේ.

මේ අතර ඊයේ දිනයේ දිවයිනට පැමිණි විශේෂඥයින් කණ්ඩායම අද(07) ආපදාවට ලක් වු නෞකාවට ගොඩබැසීමට නියමිතයි.

Exit mobile version