අද සිට යළිත් නවදිල්ලියේ මෙට්‍රෝ දුම්රිය සේවය ආරම්භ වෙයි

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර මෙට්‍රෝ දුම්රිය සේවය අද සිට යළි ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මෙම දුම්රිය සේවාව ඉකුත් මාර්තු මාසයේදී කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අවලංගු කරන ලදි.

ඉන්දියාවේ බෙංගලූරූ නගරයේ කොරෝනා ආසාදනය වී සුවවූ අයෙකුට යළි එම වෛරසය ආසාදනය වී තිබේ.

27 හැවිරිදි මෙම කාන්තාවගේ සිරුරේ කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපදවී නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වාර්තා කරයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නවදිල්ලියේ නිවෙස් තුළට වී නිරෝධායනය වන පුද්ගලයන් සංඛ්‍යාව ඉකුත් දින 16 තුළ සියයට 80 ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මේ අතර කේරල ප්‍රාන්තයේ මුදල් අමාත්‍ය තෝමස් අයිසැක් හට ද කොරෝනා ආසාදනය වී තිබේ.

Exit mobile version