හෙරොයින් සමග සැකකරුවෙක් තලාවේදී කොටුවෙයි

හෙරොයින් ග්‍රෑම් 10යි මිලග්‍රෑම් 149ක් සමග තලාව දුම්රියපොළ අසල දී සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

 

එම සැකකරු ඊයේ (11) උදෑසන තලාව පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු ඊයේ තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන තලාව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version