සුෂාන්ත්ගේ පෙම්වතිය කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය

ඉන්දියාවේ ජනප්‍රිය පුද්ගලයින්ගෙන් 80% ක් මත්ද්‍රව්‍ය ගන්නා බව, සිය පෙම්වතා වන සුෂාන්ත් සිං රාජ්පුත් වෙනුවෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින රියා චක්‍රබෝර්ති ප්‍රකාශ කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තාවකට අනුව, චක්‍රබෝර්ති මෙම තොරතුරු වීඩියෝ මාර්ගයෙන් අනාවරණය කර ඇත්තේ ඇප ඉල්ලීම සඳහා මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය අතිරේක ප්‍රධාන අධිකරණ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ඇයගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඇය එළැඹෙන සැප්තැම්බර් 22 වන දින දක්වා අත්අඩංගුවේ පසුවන බවත් පැවසූ විට ඇය මේ බව අනාවරණය කළාය.

බොලිවුඩ් දක්ෂයින් මත්ද්‍රව්‍ය ගන්නා බවට චක්‍රබෝර්තිගේ ප්‍රකාශය, බොලිවුඩයෙන් සියයට 90 ක් මත්ද්‍රව්‍ය පරිභෝජනය කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ කන්ගනා රනාවුත්ගේ ප්‍රකාශය නැවත තහවුරු කර තිබෙනවා.

මේ අතර බොලිවුඩ් නිළි කන්ගනා රනාවුත් ශිව සේනා නායක සංජේ රාවුත් සමඟ ඇතිවූ ගැටුමක් හේතුවෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එරට මධ්‍යම පොලිස් ආරක්ෂක බලකායේ Y-plus  කාණ්ඩය යටතේ ආරක්ෂාව ලබා දී ඇති බව වාර්තා වේ.

ඇයගේ ජීවිතය පිළිබඳ බියක් ඇති බව ඇය විසින් පැවසීමෙන් පසු මෙම ආරක්ෂාව ලබා දී තිබේ.

කන්ගනා ආරක්ෂා කිරීම සඳහා කමාන්ඩෝ භටයින් 11 දෙනෙකු යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version