හෙරොයින් සමඟ පුද්ගලයෙක් පුත්තලමේ දී අත්අඩංගුවට

පුත්තලම නගරයේ දී මෝටර් රථයකින් ගමන් කළ පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 75යි මිලිග්‍රෑම් 455ක් සන්තකයේ තබාගෙන සිටීය දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පුත්තලම ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ(11) දිනයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 46ක් වූ තිල්අඩිය, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන පවත්වයි.

Exit mobile version