මෙන්න අද කාලගුණ තත්ත්වය

අද දිනයේ සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව පළාතෙත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන සුළං පැ.කි.මී. 50 පමණ වේ.

Exit mobile version