Home දේශීය පුවත් මාර්ග ලක්ෂයේ ඉදිකිරීම් 2024දී අවසන් විය යුතුයි : ජනපතිගෙන් උපදෙස්

මාර්ග ලක්ෂයේ ඉදිකිරීම් 2024දී අවසන් විය යුතුයි : ජනපතිගෙන් උපදෙස්

0
මාර්ග ලක්ෂයේ ඉදිකිරීම් 2024දී අවසන් විය යුතුයි : ජනපතිගෙන් උපදෙස්

දිවයින පුරා ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ඉදිකිරීම් 2024දී අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

 

ඊයේ (15) පස්වරුවේ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ඒ අනුව රට පුරා ග්‍රාමීය සහ අතුරු කිලෝමිටර් ලක්ෂයේ ඉදිකිරීම් පරිසරය රැකෙන පරිදි සිදුවිය යුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

කුඩා පාලම්, වැල් පාලම් සහ ඒදඬු වෙනුවට නව පාලම් ඉදි කළ යුතු බව ජනාධිපතිවරයා සදහන් කළේය.

ගත වූ මාස කිහිපය තුළ මාර්ග කිලෝමීටර් 8,000ක වැඩ ආරම්භ කර ඇති අතර ඉන් මාර්ග කිලෝමීටර් 400ක ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් කර ඇති අතර ප්‍රධාන මහා මාර්ග දෙපස විවිධ වර්ගවල පැළ මිලියන 02ක් රෝපණය කිරීමට ද එහිදී තීරණය කර තිබේ.

සියලු ප්‍රධාන මාර්ග දෙපස පදික වේදිකාව මත වාහන නවතා තැබීම සම්පුර්ණයෙන් නතර කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති අතර මහල් නිවාස සංකීර්ණ, වෙළෙඳ මධ්‍යස්ථාන ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීමේ දී රථ වාහන ගාල් කිරීමට ඉඩ පහසුකම් සැලසීම අනිවාර්යෙන් කළයුතු ද එහිදී ජනාධිපතිවරයා දැනුම් දී තිබෙන බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version