තෙල් නෞකාවෙන් පරිසරයට වූ හානිය ගණනය කිරීම අරඹයි

ආපදාවට පත් වූ තෙල් නෞකාව නිසා සමුද්‍රීය පරිසර පද්ධතියට වූ හානිය පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් ගණනය කිරීම් ආරම්භ කර තිබෙන බව සමුද්‍රීය පාරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කරයි.

 

ඉන් එම සමුද්‍රීය පරිසරයේ මසුන්ට දැඩි බලපෑමක් සිදුව ඇති බව එහි සභාපති නීතිඥ දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළාය.

සමුද්‍රයට කාන්දු වන්නේ නෞකාව ධාවනයට යොදා ගන්නා ඉන්ධන බව රස පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වු අතර එහි ඇතුළතින් ලබාගත් අනෙකුත් ඉන්ධන සාම්පලවල පරීක්ෂණ වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිත බව ද දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළාය.

ගින්න නිවීම සඳහා වැය වූ රුපියල් මිලියන 340 ක මුදල හානි පූර්ණය කරන්නැයි නීතිපතිවරයා නෞකාව අයත් සමාගමේ නීතිඥවරුන්ගෙන් ලිඛිත හිමිකම් ඉල්ලීමක් කළේය.

ඒ පිළිබඳ තවත් අතරමැදි වාර්තාවක් ඉදිරියේදී නීතිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඇය සඳහන් කළාය.

Exit mobile version