සුව සැරිය ගිලන් රථ සේවය මානසික රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනය සඳහා ද යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
පළමු අදියර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව එහි අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සඳහන් කළේය.
සුව සැරිය ගිලන් රථ සේවයේ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දීමට ද නියමිත බව ඔහු ප්‍රකාශ කළේය.
ප්‍රවාහනයේ පවතින ගැටලු හේතුවෙන් මානසික රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනය ප්‍රමාද වන අතර මේ හේතුවෙන් ඔවුන්ට පවතින රෝගී තත්ත්වයන් උත්සන්න වන බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
1990 සුවසැරිය ගිලන් රථ සේවයෙන් මානසික රෝගීන් ප්‍රවාහන ලබන මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යාංශය පැවසුවේය.