ශ්‍රී ලංකාව 2021 වන විට කහ වලින් ස්වයංපෝෂිත වන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා පැවසුවේ, මේ වන විට හෙක්ටයාර් 1500ක පමණ කහ වගා කර ඇති බවය.
2021 පෙබරවාරි වන විට ඒවායින් අමු කහ මෙට්‍රික් ටොන් 22,500ක් පමණ අස්වැන්න ලබාගත බව ඒ මහතා පැවසීය.
එලෙස ලැබෙන අස්වැන්නෙන් බීජ සඳහා මෙට්‍රික් ටොන් 4000ක් ඉවත් කළ ද, ඉතිරියට මෙරට කහ අවශ්‍යතාවය සපුරාලිය හැකි බව ඔහු පෙන්වා දෙයි.