මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක්ව තිබේ.
එය අසළ වූ නිවසක් මතට කඩා වැටී ඇති බව සඳහන්.
ඒ අනුව යාබද නිවසක සිරවී ඇති තුන් දෙනෙකු බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් මේ වනවිට සිදුකරමින් පවතින බව පොලීසිය පවසයි.
ගොඩනැගිල්ල ගිලා බැසීමේ දී නිවසේ සිර ව සිටි අය අතුරින් මාස එක හමාරක් වයසැති බිළිඳා මේ වනවිට සොයා ගෙන ඇති බව වාර්තා වේ.