මහනුවර රජයේ වෛද්‍යවරු අද වැඩ නෑ

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍ය නිලධාරින් අද සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

 

මැණික්හින්න රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාට ප්‍රාදේශීය දේශපාලනඥයෙකු පහරදීමට විරෝධය පලකරමින් මෙම පියවරට එළැඹි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය ඒ.එම්.ප්‍රේමලාල් මහතා පැවසීය.

අද උදෑසන 8 .00 සිට සිය සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක බව වෛද්‍ය ඒ.එම්. ප්‍රේමලාල් මහතා සදහන් කළ අතර මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය පැවසුවේ සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි.

Exit mobile version