නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් අධිකරණය හමුවට පැමිණෙයි

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් හිලියාස් මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

 

පසුගිය සැප්තැම්බර් මස 17 වන දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් නොතීසි නිකුත් කරමින් කපිතාන්වරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැන්වීය.

ඒ අනුව ඔහු අද පෙරවරු 9.30 ට පමණ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණි බව වාර්තා වේ.

විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර තිබුණි.

නෞකාව ගිනි ගැනීමට ලක් වූ අවස්ථාවේ එය මැඩපැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු ස්වයංක්‍රීය ආරක්ෂණ ක්‍රම අනුගමනය නොකිරීම සහ ගින්න පිළිබඳ වගකිව යුතු ආයතන දැනුම්වත් නොකිරීම සම්බන්ධයෙන් එහි කපිතාන්වරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

Exit mobile version