පාස්කු ප්‍රහාරය ගැන දැනගන්න ක්‍රමයක් මුජිබර් කියයි

වෙනත් පාර්ශවයකගේ අවශ්‍යතාවයක් මත ඉරුදින ප්‍රහාරය සහරාන් හෂීම් විසින් සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සදහන් කළේය.

 

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

අදාළ ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් පිළිබඳව නිසි තොරතුරු ලබාගැනීමට නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව කියන ‘සාරා‘ නමැති කාන්තාව මෙරටට ගෙන්වා ගත යුතු බවත් ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

“දැනට අපිට මරාගෙන මැරෙන කණ්ඩායමේ සිටි ‘සාරා‘ නැමති කාන්තාව ඉන්දියාවේ ඉන්නවා කියලා තොරතුරු පළ වෙලා තියෙනවා. ඒ නිසා වහාම අපිට සාරාව ඉන්දියාවෙන් ලංකාවට ගෙන්න ගන්න පුළුවන් නම් මේ පාස්කු ප්‍රහාරයේ සියලු දේවල් අපිට දැන ගන්න පුළුවන් වේවි කියන එක තමයි මම කොමිසමට කිව්වේ. මෙහෙම සංවිධානය වෙලා මේ වගේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් හයියක් කවුද මොවුන්ට ලබා දුන්නේ කියන එකයි අපිට තියෙන ගැටලුව. ඒ සියලු දේවල් හොයා ගන්න පුළුවන් ඉන්දියාවේ ඉන්න සාරාව ගෙනවා නම්.“ යනුවෙන් ද මන්ත්‍රීවරයා පැවසීය.

Exit mobile version