පොල් හිඟයිද ?

මෙරටට පොල් ආනයනය කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව වෙළෙඳ අමාත්‍යාංශය සදහන් කරයි.

 

රට තුළ කිසිදු පොල් හිඟයක් වාර්තා නොවන බව එහි ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.

ඇතැම් පාර්ශව පොල් හිඟයක් නිර්මාණය කර පොල් මිල ඉහළ දැමීමට උත්සහ ගනිමින් සිටින බවත් පනවා ඇති පාලන මිල කිසිදු අයුරකින් හෝ වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඇය වැඩ්දුරටත් පැවසුවාය.

වැඩි මිලට පොල් අළෙවිකරන වෙළෙඳුන් සොයා ක්‍රියාත්මක වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එවැනි වෙළෙඳන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන අතර උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට පොල් අළෙවි කළ වෙළදුන් 56 දෙනෙකුට ඊයේ (28) දිනයේ නඩු පවරා තිබේ.

Exit mobile version