පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට අජිත් රෝහණ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කළ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න මහතා එම තනතුරෙන් ඉවත් කොට ඒ සඳහා නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පත් කර තිබේ.

 

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මීට පෙර අවස්ථා කිහිපයකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙහි කටයුතු කළ අතර ඔහු මේ වනවිට නීති සහ විනය කල්ක්‍රියා දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ධුරයද හොබවනු ලබයි.

Exit mobile version