කොළඹ අක්ෂි රෝහලෙන් දැනුම්දීමක්

කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් මහජනතාවට දැනුම්දීමක් සිදු කර තිබේ.

 

ඒ හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණෙන ලෙසයි.

විශේෂයෙන් වයස අවුරුදු 14ට අඩු දරුවන් අනවශ්‍ය ලෙස රෝහල් වෙත රැගෙන ඒමෙන් වැළකී සිටින ලෙසද මහජනතාවගෙන් රෝහල් බලධාරීන් ඉල්ලා තිබේ.

කොළඹ ජාතික අක්ෂි රෝහල පවසන්නේ එලෙස අත්‍යාවශ්‍ය ප්‍රතිකාර සඳහා අක්ෂි රෝහලට පැමිණෙන සියලුදෙනා කොරෝනා වෛරස ව්‍යප්තියේ අවදානම පාලනය කිරීම සඳහා දෑත් සේදීම, සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණයක් පැළඳීම, සමාජ දුරස්ථතාවය ආරක්ෂා කර ගැනීම වැදගත් බවයි.

Exit mobile version