අධිවේගී මාර්ගයට නව මාපක යන්ත්‍ර පද්ධතියක්

අධිවේගී මාර්ගය තුළ වාර්ෂිකව සිදුවන වාහන අනතුරු සංඛ්‍යාවෙන් 27%ක් පමණ අධික වේගය සහිතව ධාවනය කිරීම හේතුවෙන් සිදුව ඇති බව නිරීක්ෂණය වී ඇත.
එබැවින් මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය හරහා ක්‍රියාත්මක කිරීම සඳහා නව මාපක යන්ත්‍ර පද්ධතියක් ස්ථාපිත කර අැති බවයි.
මෙම පද්ධතිය මගින් වාහනවල වේගය නිරීක්ෂණය කෙරෙන අතර වේග සීමා උල්ලංඝණය කරන වාහනවල ඡායාරූපයක් පිටවීමේ ස්ථාපිත ටැබ් පරිගණක හරහා මුද්‍රණවීම සිදු වේ. මෙම ඡායාරූපයන්හි වාහන අංකය, නිරීක්ෂණ වේලාව හා එම අවස්ථාවේ වේගය වැනි තොරතුරු ද මුද්‍රණය වේ. මෙම නිරීක්ෂණ කටයුතු රාත්‍රී කාලයේ දී ද සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සළසා ඇත.
මෙම නව පද්ධතිය එළැඹෙන 14දා සිට ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය හා අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසවලින් සැලසුම් කොට ඇත.
Exit mobile version