මැතිවරණය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්

2018 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව උදෙසා අද (07) පස්වරු 4.00 සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පවසා අැත.
එමෙන් ම මෙම විශේෂ බස් රථ සේවාව සඳහා 09දා උපරිම බස් ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කරන බවත් ගම්බිම් බලා ගොස් නැවත කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් ද 11 සහ 12යන දෙදින දිවයිනේ විවිධ ප්‍රදේශ වෙතින් විශේෂ බස් රථ යොදවා ඇති බව ද ඒ මහතා පැවසීය.
Exit mobile version