රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ගන්න අයගේ ඖෂධ නිවෙසටම

රජයේ රෝහල්වල සායන වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබාදිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 

වර්තමානයේ රට තුළ සිදුව ඇති කොරෝනා රෝග ව්‍යාප්තිය හමුවේ නිදන්ගත රෝග සහිත වයස්ගත ජන කොටස් රෝහල් සායන වෙත පැමිණීම අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්.ශ්‍රී ධරන් මහතා නිවේදනයක් නිකුත් කරම්න් සඳහන් කර තිබේ.

රෝහල් සායනවල ඇති අධික තදබදය හේතුවෙන් රෝගීන් වෙත මෙම රෝගය පහසුවෙන් බෝවිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, ලබන අඟහරුවාදා දිනයේ සිට සායනික ඖෂධ නිවෙස් වෙත බෙදා දීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක තුළ පළමුව මෙම වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනයේ වැඩ්දුරටත් සදහන් වෙයි.

නිවේදනය පහතින්

Exit mobile version