මොරටු සුදාගේ සමීපතමයා කොන්ක්‍රීට් ලෑල්ල යට සැඟවූ දේ

දැනට බන්ධනාගාරගතව සිටිනා මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ‘මොරටු සුදා’ නැමැත්තාගේ සමීපතමයෙක් වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අදාළ සැකකරු ළග තිබි විදේශ රටක නිශ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක්, ඊට යොදන පතරොම් 18ක් සහ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2700 ක් හමු වි තිබෙන අතර සැකකරුගේ ප්‍රශ්න කිරීම්වලින් පසු පානදුර ළමා උද්‍යානය අසල කොන්ක්‍රීට් ලෑල්ලක් යට සඟවා තිබූ ගිනි අවිය සහ පතරොම් සොයාගැනීමට පොලීසියට හැකි විය.

සැකකරු වාද්දුව, මැලෑගම ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙක් වන අතර වැඩිදුර පරීක්ෂන සිදු කරන බව පොලිසිය සදහන් කළේය.

Exit mobile version