ලියාපදිංචි කිරිමට තීරණය කළ නව දේශපාලන පක්ෂ 6

මෙම වසර සඳහා දේශපාලන පක්ෂ 06ක් ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තිරණය කර තිබෙන බව වාර්තා වෙයි.

 

ජනවාරි මාසයේ දේශපාලන පක්ෂවලින් ඉල්ලුම්පත් කැඳවා තිබු අතර එහිදී ඉල්ලුම්පත් 154 ලැබී තිබු අතර ඉන් ඉල්ලුම් පත්‍ර 121 ක් සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති අතර පක්ෂ 06ක් පමණක් ලියාපදිංචි කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව,

අරුණළු ජනතා පෙරමුණ, ජනතා සේවක පක්ෂයෙ, නව ප්‍රජාතන්ත්‍රවාදී මාකස් ලෙනින්වාදී පක්ෂය සහ සමත්තුව කච්චි යන පක්ෂ ලියාපදිංචි කිරීමට තිරණය කර ඇති අතර ම්ට අමතරව පිවිතුරු හෙළ උරුමය සහ සිංහල රාවය ද ලියාපදිංචි කිරීමට තීරණය කර ඇති අතර සිංහල රාවය පක්ෂයේ නම අපේ ජනතා රාවය ලෙස සංශෝධනය කිරීමට යොජිත බවද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

Exit mobile version