හින්දු කෝවිල් 40 කට අගමැති ප්‍රධානත්වයෙන් මූල්‍යාධාර

නව රාත්‍රී පූජා උත්සවයට සමගාමීව හින්දු කෝවිල් 40 කට අග්‍රාමාත්‍යතුමා ප්‍රධානත්වයෙන් මූල්‍යාධාර ප්‍රදානය කරයි.

නව රාත්‍රී පූජා උත්සවයට සමගාමීව තෝරාගත් හින්දු කෝවිල් හතළිහක් සඳහා රුපියල් 50000 බැඟින් මුදල් ආධාර ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(15) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

කොවිඩ් නයින්ටින් වසංගතය හේතුවෙන් මුළු ලෝකයම විශාල තර්ජන හා අර්බුධ වලට මුහුණ පා ඇති අවස්ථාවක වූවත්, රජයක් ලෙස හින්දු ආගමික සාරධර්ම ආරක්ෂා කිරීම අප සැමගේ වගකිමක් බව අග්‍රාමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

Exit mobile version