2019 A/L කඩයිම් ලකුණු නිකුත් කිරීම ප්‍රමාද වෙයි

මේ වන විට 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු සකස් කර අවසන් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි.

 

 

කඩයිම් ලකුණු නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් කඩයිම් ලකුණු නිකුත් කිරීම ප්‍රමාද කිරීමට සිදුව ඇති බව ද සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Exit mobile version