කොරෝනා සදහා රුසියාවේ නිපදවු දෙවන එන්නතටත් අනුමැතිය

රුසියාව විසින් කොරෝනා වෙෙරසය සදහා නිපදවු දෙවන එන්නත සඳහා ද අනුමැතිය හිමිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

රුසියානු බලයලත් ඖෂධ නියාමන ලේඛනයට අනුව දෙවන එන්නත සඳහා අනුමැතිය හිමි වු බව ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් විසින් නිල වශයෙන් ප්‍රකාශ කර ඇති අතර සයිබීරියාවේ ස්වදේශික ඖෂධ නිෂ්පාදන ආයතනයක් විසින් අදාළ එන්නත නිපදවා තිබේ.

අදියර තුනක පරික්ෂණයකින් පසුව එන්නත බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වෙයි.

Exit mobile version