කුරුණෑගල, දඹුල්ල ප්‍රධාන මර්ගයේ රිය අනතුරක් – 25කට තුවාල

කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මර්ගයේ බඩගමුව, මූකලාන ප්‍රදේශයේ ලංගම බස් රථයක්, ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම අනතුර ඊයේ (07) රාත්‍රී 10.00ට පමණ සිදුව අැත.

අනතුරෙන් බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් 24 දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කුරූණෑගල සහ පොල්ගොල්ල රෝහල් වලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය සඳහන් කරයි.

Exit mobile version