කුලියාපිටියේ සංචරණ සීමා පැනවූ ප්‍රදේශ 4

රටපුරා ව්‍යාප්ත වෙම්න් පවතින කොරෝනා වෛරස ආසාදිතයන් 11ක් කුලියාපිටියෙන්ද හමුවීමත් සමග ගම්මාන 04 ක සංචරණය සීමා පැනවීමට පියවර ගෙන තිබේ.

 

ඒ අනුව ගයියාල , ඌරුපිටිය, ඇන්නරුව සහා පල්ලේවල යන ගම්මාන 04ට සංචරණ සීමා පනවා ඇති අතර කුලියාපිටියේ පිහිටි දේවස්ථානයක පසුගිය දෙවැනිදා පැවැති මංගල උත්සවයකට මෙම පිරිස සහභාගී වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කළේය.

Exit mobile version