බන්ධනාගාර ජේලර්වරයෙකු සතුව තිබූ හෙරොයින්

පුත්තලම, විල්ලව වත්ත ප්‍රදේශයේ දී බන්ධනාගාර ජේලර්වරයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

 

එහිදී සැකකාර බන්ධනාගාර ජේලර්වරයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 870ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙන අතර අද (19) අලුයම පුත්තලම පොලිස් ස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින් සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර බන්ධනාගාරයේ සේවය කළ 37 හැවිරිදි දෙවන පෙළ ජේල්වරයෙකු වන අතර සැකකරුගේ අනියම් බිරිඳ පුත්තලම ප්‍රදේශයේ සිටින බවත් ඇය හමුවීමට පැමිණෙන අතර තුර හෙරොයින් ඡාවාරම සිදුකර ඇති බවත් පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Exit mobile version