ශ්‍රී ලංකා-බංග්ලාදේශ පන්දුවාර විස්සයි20 තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය

බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත තරඟ දෙකකින් යුත් පන්දුවාර විස්සයි20 තරඟාවලිය සඳහා 15දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇත.

අාබාධයක් හේතුවෙන් මෙම තරඟාවලිය සඳහා සහභාගී නොවන ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව අැත.

වසර තුනකට පමණ පසු තුන්ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් නැවතත් විස්සයි විස්ස සංචිතයට කැඳවීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා සංචිතය: දිනේෂ චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ෂෙහාන් මදුෂංඛ, ජෙෆ්රි වැන්ඩර්සේ, අකිල ධනංජය, අමිල අපොන්සු, ජීවන් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු

Exit mobile version