පූගොඩ පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ්

පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 27වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

ඒ පූගොඩ පොලීසිය විසින් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙක් හදිසියේ අසනීපවී මිය යාම සම්බන්ධයෙනි.

පසුගිය 11 වනදා  රාත්‍රීයේ අත්අඩංගුවට ගත් අදාළ සැකකාර තරුණයා අසනීපවීම හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබුණි.

පසුව, 21 හැවිරිදි එම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා නියෝග කළේය.

ඒ අනුව, මුලික පරීක්ෂණයන්ට අදාළව පූගොඩ පොලීසියේ පොලිස් සැරයන්වරයෙකු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Exit mobile version