මෙරට කොරෝනා රෝගීන් ගණන 5811ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5811ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 186ක් හඳුනා ගත් අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටි මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 37ක් ද ඒ අතර වෙයි.

ඔවුන්ගේ ආශ්‍රිතයින් සංඛ්‍යාව 143 ක් වෙයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ මිනුවන්ගොඩ පොකුරේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2342ක් බවයි.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව අතරට විදේශයන්හි සිටි පැමිණි සංඛ්‍යාව 6 කි.

වෛසරය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2341 ක් වේ.

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා ඇත.

ඒ සමග මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3457 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Exit mobile version