ගම්පහ දිස්ත්‍රික්කය හරහා අත්‍යාවශ්‍ය සේවා සදහා වාහන ධාවනයට බාධාවක් නෑ

ගම්පහ දිස්ත්‍රික්කය හරහා වාහන ධාවනය සිදුකිරීමට බාධාවක් නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

 

ගම්පහ දිස්ත්‍රික්කයට අද(21) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි නිරෝධායනය ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබෙන අතර යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ මෙම ඇඳිරි නීතිය සඳුදා අලුයම 05 දක්වා ක්‍රියාත්මක බවයි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන සේවකයින්ට සහ උසස් පෙළ විභාගය සඳහා පෙනි සිටින සිසුන්ට නිරෝධායන ඇඳිරි නීතිය බලපැමක් නොවන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version