බදියුදීන් පාර්ලිමේන්තුවට සහභාගී කරවන්නැයි කථානායක දැනුම්දෙයි

හෙට (22) සහ අනිද්දා (23) පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී කරවීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ.

 

එම ලිපියේ පිටපත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ සෞඛ්‍ය‍ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතද යොමු කර ඇත.

අද දහවල් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නිකුත්කළ නියෝගයකට අනුව වේත්‍රධාරීවරයා මෙම පියවර ගෙන තිබේ.

Exit mobile version