අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු වැසි

අද(26) දිනයේ උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, වවුනියා සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම උතුරුමැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු ඇති වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇතිවිය හැකිය.

කන්කසන්තුරය  සිට ත්‍රිකුණාමලය  හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

Exit mobile version