රත්‍රං කැබලි 04ක් සමඟ කාන්තාවක් රේගු අත්අඩංගුවට

රත්‍රං කැබලි හතරක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවක් අද (09) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද උදෑසන 8.30 ට පමණ ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් -129 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත අැය පැමිණ තිබේ.
ඇය විසින් රැගෙන ආ සිය ගමන් මල්ලේ බර ග්‍රෑම් 100 බැගින් වූ, ග්‍රෑම් 400 ක් බර මෙම රත්‍රං කුට්ටි හතර සඟවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
Exit mobile version