ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘත කෙරේ

අද(04) දිනයේ ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කර තිබේ.

 

ඒ අනුව රත්මලාන,බෝකුන්දර,මීගොඩ ,වේයන්ගොඩ හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානවල මෙහෙයුම් අරඹන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා පැවසු අතර මෙම මධ්‍යස්ථානවල සිල්ලර වෙළෙඳාම සිදු නොකෙරේ.

ලේකම්වරයා ප්‍රකාශ කළේ පිට පළාත්වලින් ලැබෙන එළවළු තොග බස්නාහිර පළාතේ ගැණුම්කරුවන්ට ලබා දීම මෙම මධ්‍යස්ථාන හරහා සිදු කෙරෙන බවත් අදාළ ආර්ථික මධ්‍යස්ථාන මේ වනවිට විශබීජහරණය කර ඇති බවයි.

Exit mobile version