රජයේ සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඖෂධ හෙට සිට නිවසට

රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා, මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගීන් වෙත එම ඖෂධ නිවෙස් වෙත ලබාදීමේ වැඩසටහන හෙට(05) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබාදීම තැපැල් දෙපාර්තමේන්තුව සමග එක්ව සිදුකරන බවයි.

මෙහිදී අදාළ ඖෂධ රෝගීයා වෙත ලබාදීම සඳහා පදිංචි ස්ථානයේ ලිපිනය හා දුරකථන අංකය ලබාදීම අවශ්‍ය වන අතර සායනික පොත සමග නිවැරැදි ලිපිනය ලබාදී නොමැති නම් අදාළ රෝහල වෙත දුරකථන ඇමතුමක් ලබාදී එම තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙස ඒ මහතා දැනුම් දෙයි.

රෝහල වෙත තොරතුරු සැපයීමේදී අවශ්‍ය නම් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිළධාරිනිය හෝ ග්‍රාම නිලධාරියාගේ සහය ලබාගත හැකි බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසයි.

Exit mobile version