නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත පුද්ගලයින් පිරිසක් විසින් පසුගිය පෙබරවාරි 08 වන දින වංකාලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස කැස්බෑ මස් කිලෝග්‍රෑම් 13 ක් ලඟ තබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන එම පුද්ගලයින් සහ කැස්බෑ මස් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වංකාලෙයි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ජීවත් වන වඳ විමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලභ ගණයේ මත්ස්‍ය විශේෂයක් ලෙස සැලකෙන කස මෝරා, ධීවර හා ජලජ සම්පත් පනත යටතේ ධීවරයින්ට, විනෝදයට හා ක්‍රීඩාවක් ලෙස මෙන්ම මසුන් අල්ලන කිසිම අයෙකුට දඩයම් කිරීම තහනම් කර ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කස මෝරුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.