ඉන්දීය ජනප්‍රිය නළු සෞමිත්‍රා චැටර්ජි කොරෝනා වැළදීමෙන් ජිවිතක්ෂයට

ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ සෞමිත්‍රා චැටර්ජි කොවිඩ් ආසාදිතව ඇති වඋ සංකූලතා හේතුවෙන් ජිවිතක්ෂයට පත් වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

 

 

මිය යන විට ඔහු 85 වන වියේ පසු වු අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය බලවත් ශෝකය ඔහු වෙනුවෙන් පළ කර ඇත

1959 සිට 1990 දක්වා කාලය තුළ ඔහු සත්‍යජිත් රායිගේ චිත්‍රපට 14 ක ප්‍රධාන චරිත රංගනයෙන් දායක වි ඇත.

චිත්‍රපට 300 කට පමණ රඟන දායකත්වය දැක් වූ චැටර්ජි දක්ෂ කවියෙකු,නාට්‍ය රචකයෙකු මෙන්ම වේදිකා නළුවෙකු ද වෙයි

ඉන්දියාවේ ඉහළම සම්මානය වන ඩඩා සහේබ් ෆාල්කේ සම්මානයෙන් ද ඔහු පිදුම් ලබා ඇත.

Exit mobile version