දකුණූ අප්‍රිකානු ජනාධිපතිට ඉල්ලා අස්වීම සඳහා ඒ.එන්.සී පක්ෂයෙන් පැය 48ක කාලයක්

දකුණූ අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමාගේ අනාගතය පිළිබද තීරණය කිරීමට ඒ එන් සී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

එම පක්ෂයේ ජාතික විධායක කමිටුව ඔහුට ජනාධිපති ධූරයෙන් ඉවත් විම සදහා දින දෙකක කාලයක් ලබා දී ඇති බව වාර්තා වේ.

2009 වර්ෂයේ සිට වසර 09ක පාලන කාලය තුල ඔහුට එරෙහිව දූෂණ චෝදනා රැසක් එල්ලවී ඇත.

මේ වන විට 75 වියේ පසු වන ජනාධිපති ජේකොබ් සූමාගේ තීරණය මෙතෙක් දැනුම් දී නොමැති බවයි වාර්තා වන්නේ.

Exit mobile version