ඩ්‍රෝන මෙහෙයුම්වලින් 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට

ඩ්‍රෝන මෙහෙයුම්වලින් පුද්ගලයින් 117ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

 

තවද, ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සියලු දෙනා මුහුණු ආවරණ පැළඳ නොසිටීම, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.

Exit mobile version